Tuesday 28 June 2011

විඳිමි නිදහස.....


විලංඟු දමා සිත මගේ
නතු කර ගත් දින
සිට එය ඔබේ කියා
යදම් පවුරු බිඳ
විඳිමි නිදහස.....

ලද ඉඩ හසරක
නුඹත් සමග ගෙවූ
මොහොතක,
හැඳින්නා නිදහස
නුඹ නොවන වග..

නමුදු, නුඹෙන් ලද යදම
අමිලයි නොලද නිදහසට
වඩා දහසක්
මා ප්‍රිය සබඳ....



1 comment:

  1. ඇත්තමයි හිමි අහිමි.
    ඒත් අන්තිමේදී මතකයේ හිරකාරියක් වුනාම ...

    ReplyDelete