Saturday 18 June 2011

කියා දියන් මට......


ඇසළ සඳ යට
නිදන තරුකැට
වැව් දියට
ඉඟි කරන හැඩ...

අමාවක අඳුරට
පෙම් කරන හිතට
කියා දියන් මට
ඇසළ සඳ එළිය වග....

අවරට බැඳි සෙනෙහසට
නොහික්මුනු හිතට
කියා දියන් මට
නුඹ අන් සතු වගට...




3 comments:

  1. කියා දිය යුතුය
    නොහික්මුන සිතට
    අන්සතු තරුවකට වඩා
    මගේ සඳ එලිය වග..

    ReplyDelete
  2. එළියයි මගේ සඳ දුර පෙනෙන තරු වලට වඩා
    දුරයි මගේ සඳ දුර පෙනෙන තරු වලට වඩා
    අහිමියි නුඹ මට දුර පෙනෙන හිරු සඳ තරුට වඩා
    ළන් වෙන්න බෑ මට නුඹ දුර අහස නිසා...

    ReplyDelete
  3. හිමි අහිමි,
    දිවුල්ගනේ කියන්නා වගේ සඳ එලිය අපට හිමියි ඒත් සඳ අහිමියි.
    ඒකට දුක් ගන්න එපා මොකද අහසට සඳ අයිති වුනාට සඳ එළිය අයිති නැති නිසා.

    ReplyDelete