Tuesday 28 June 2011

අවසානම මත්‍රාව......


සිත නිවී පාලුවෙන්
ඉන්නා මොහොතක
නුඹ අවිදින්
මටත් හොරෙන්..

සුපෙම් බස් මැද
රැඟූ රැඟුමන්
අවසාන වීද
ඇරඹුමට පෙරත්

දහසක් තාල මැද
සෙවූ අවසානම
මාත්‍රාව නුඹම
විය ඉතින්...

සොයන්නේ කෙලෙසකද
නුඹට වඩා හොඳ තාලයක්
මා දන්නේ නුඹම පමණක් නම්....



1 comment:

  1. පාළුවට කොතෙක් ළඟ උන්නද
    පලක් වෙද නුඹට ඒ තාලයෙන්
    දන්නා එකම තාලය වුවද
    නුඹේ ගීයට තනුවක් නොවේ නම්

    ReplyDelete