Friday, 4 November 2011

මගේ එලිය නුඹයි ආදර අම්මා....


මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේ
හිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙ
ආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේ
උණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...

දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේ
දුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේ
කුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේ
නුඹ පමණයි එහි අරුමය දැක්කේ...

ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මට
යන්නට මේ මග අත්වැල වූයේ නුඹ මට
හඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹ
යන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.......

Sunday, 9 October 2011

හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම.......


සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,
මහමෙරක් මැයි වියලුනු කතරට
දිය පහස සොයා ආ මේ මඟ
නතර වුනා ඔබෙ නෙතු පියන් යට...

මිරිඟු සයුරක නොදුටු දිය බිඳක
සොයා දිය බිඳක් වියලුනු සිතක,
නොවූ නුඹ වියලුනු රලු සයුරක,
ගිම් නිවූ නුඹමයි මේ දිය දහර

ගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යට
හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම
දෑඟිලි බැඳන් අවසරයි හැමදාම
විඳ ගන්න මේ උනුසුම සුසුම් මට......



Tuesday, 4 October 2011

මාලතී අහිමි පුන්චි සමනළිය මම.....




බඹරුන් ගෙන ගියා මල් උයන
නොතියාම එක මලක්වත් මට
මාලතී අහිමි පුන්චි සමනළිය මම
ඉකි ගසා බොඳ කලා මල් උයන.....

තලා පෙලා කුමරියන් විගස
රොන් අරන් ගියා උන් හනික
කඳුලු ගෙන නෙත් අගින් සැනින
මල් කුමරියන් හඬුවා බොහොම.....

පුන්චි මල් කුමරියේ තාම
නුඹ ලඟයි මම හැමදාම
යන්න එපා අතැර ආයෙත් දිනෙක
මේ සෙනෙහස නිමියි නුඹ නැති දාක........

Thursday, 15 September 2011

නුඹටයි මේ ආරධනා.........


සොඳුරු වස්සානය ඇවිදින්
ඉරි තැලුණු සිත් මලෙට
කරයි නෙතු අගින් ආරධනා...
සුරම්‍ය ආරධනා...

ගෙවුනු කඳුලැලි,
නැඟුනු හසරැලි,
කරයි නුඹ සිතට,
ප්‍රේම ආරධනා..

ගගන පුරා සරන්නට
වාරු දුන් පියාපතට..
ආල හිතක් පුරන්නට,
නුඹටයි මේ ආරධනා.........





Tuesday, 16 August 2011

නුඹ යන්න මේ කඳුලු මටම දී.....


සුවහසක් නෙතු මතම ඇඳී
සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී
කප් සුවහසක් කල් ගෙවී පහන් වී
බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී....

හැරයන්න හේතු නුඹ මා හටම දුනී
ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී
නෙතු අගින් තව එක් වරක් සිනා සී,
රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී.....

එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී
මේ හිත තහනම් නුඹට යළි යළී
සිනාසෙන්න එක් වරක් මතක මානයට වී
නුඹ යන්න මේ කඳුලු මටම දී.....




Friday, 22 July 2011

සොඳුරුයි මිහිරියේ....


වියපත් වෙලා.....
ආදරෙන් ළඟ උන්නු,
ජීවිතයම වියපත් වෙලා...
ගහ කොළ මල් මේ හැම දෙයක්ම,
වියපත් වෙලා..
අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු,
මං මාවත් වියපත් වෙලා...
තාරුණ්්‍ය වියපත් වෙලා...
නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත්
වියපත් වෙලා,,,
කාලෙකට පස්සේ නුඹ අවිදින්.....
දන්නවද ආයෙත්
ඉස්සරෝම දවස් වල වගේ
මට ආසයි මේ,
වියපත් මාවත් වල,

හිරිමල් නුඹේ අත් අල්ලන් අවිදින්න...
සත්තමයි
නුඹ ඉස්සර වගේම
සොඳුරුයි මිහිරියේ....



Monday, 11 July 2011

අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...

අතොරක් නැති ජීවිත ප්රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ආයෙමත් ජීවිතේ යදින්න, මං ආයෙමත් සංක්රන්ති කාලයක් ගෙවනවා.

නොඉවසිල්ලකින් ජීවිතේ ගලාගෙන යනකොට ඊට අනුගත වෙලා ජීවිතේ විඳින්න ආයෙමත් මං ලෑස්ති වෙලා, ඒත් මේක විඳීමද විඳවීමද කියන්න නම් තවත් කාලයක් ගත වෙලා යාවී.

හැමදේකින්ම ඔත්පල වෙන දවසට ගෙනියන්න තියා හිත සනසගන්නවත් එකතු කරපු දෙයක් ජීවිතේ නෑ.

දුප්පතෙක් වගේ ඉපදුනාට දුප්පතෙක් වගේ මිය යන්න අපිට අයිතියක් නෑ කියල ඇහුවට කොහොමද වචන වලට පණ දෙන්නේ කියලා නිනව්වක් තවම නෑ.

අහිංසක මිනිස්සුන්ගේ කඳුලට සුසුමට සංවේදී වෙන්න තර්ජනය කරලා උගන්නපු ඔය හිත් කඳුලකට සංවේදී නොවන තරමටම වල් වැදිල කියලා, නොකියා හිටියට අපි හැමොම දන්නවා.

මේ දෙවල් වාචික අදහස් විදිහට එළි දක්වන්න විදිහක් නොවුනට උගන්නවපු දහසක් දෙනාගෙ ඇස් ඒවට උත්තර දේවී.

මනුස්සයෙක්ගෙ මූණ බලලා ආත්මයම කියවන්න හදපු කීප දෙනෙක් එක්ක ගිය මේ ගමන හරිම දුශ්කරයි, නැවතීමක් වුණා කියලා හිත සනස ගන්න හැදුවම විතරයි, ඒත් නිමේශයටවත් ඉඩක් නොතියා ආයෙමත් සුපුරුදු ජීවිතෙත් එක්ක පොර බදන්න වෙලා, අකමැතෙන් නෙමෙයි නොහැකියාව එක්ක තර්ක කරන්න අකමැත්තෙන්,

සෙනෙහසින් ළං වෙලා උන්නු මිනිස්සු නොකියම ජීවිතෙන් පළා යනකොට ජීවිතේට දැනෙන්නෙ පුදුම තනිකමක් , තනිකම මග හරින්න පුලුවන් හොඳම දේ තමයි සිතට දැනෙන දේ ඔහේ ගලායන්න ඉඩ දෙන එක.

අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...