Tuesday 16 August 2011

නුඹ යන්න මේ කඳුලු මටම දී.....


සුවහසක් නෙතු මතම ඇඳී
සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී
කප් සුවහසක් කල් ගෙවී පහන් වී
බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී....

හැරයන්න හේතු නුඹ මා හටම දුනී
ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී
නෙතු අගින් තව එක් වරක් සිනා සී,
රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී.....

එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී
මේ හිත තහනම් නුඹට යළි යළී
සිනාසෙන්න එක් වරක් මතක මානයට වී
නුඹ යන්න මේ කඳුලු මටම දී.....




2 comments:

  1. කවියෙන් ආදරයක් එලවලා දාන්න වචන ටිකක් එකතු කරන්න හිතට පුළුවං වුනාට හිතෙන් ආදරයක් එලවලා දාන්න ධෛර්යය දෙන්න කවි වලට පුළුවංද තව තවත් හිත ආදරයටම සමීප කරනවා හැර...

    ReplyDelete
  2. jeewath wena ekath prashnayak wela...
    eeth cammelia male man ayeth viraha kavi nam liyanne na.....

    ReplyDelete