Friday 22 July 2011

සොඳුරුයි මිහිරියේ....


වියපත් වෙලා.....
ආදරෙන් ළඟ උන්නු,
ජීවිතයම වියපත් වෙලා...
ගහ කොළ මල් මේ හැම දෙයක්ම,
වියපත් වෙලා..
අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු,
මං මාවත් වියපත් වෙලා...
තාරුණ්්‍ය වියපත් වෙලා...
නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත්
වියපත් වෙලා,,,
කාලෙකට පස්සේ නුඹ අවිදින්.....
දන්නවද ආයෙත්
ඉස්සරෝම දවස් වල වගේ
මට ආසයි මේ,
වියපත් මාවත් වල,

හිරිමල් නුඹේ අත් අල්ලන් අවිදින්න...
සත්තමයි
නුඹ ඉස්සර වගේම
සොඳුරුයි මිහිරියේ....



2 comments:

  1. හිමි වුන ගොඩක් දේවල් අහිමි වෙන්න නියම වෙලා තියන අයගෙ හිතටම දැනෙනවා. සමහර වෙලාවට ජීවිතේදි ඔයාගෙ නිසදැස ඇත්තක් වේවි. එදාට මට ඔයාව මතක් වෙයි.

    ReplyDelete
  2. hm eeth camelia male, gvthe e dewal lebenna one kalayak welawak thiyenawa.....
    me aadare aththak wena dawasata api godaak gvthe dura gihin ideeewi..
    samaharawita a aadare eadat widagannath beri wei...
    eeth balaporoththu minisunawa gvth karanawa..
    man a balaporoththu walatath harima aadarei....

    ReplyDelete