Monday 7 September 2015

පුන්චි රෝස මලේ.....

හඬා වැලපෙන සිතට නොහැකි
ගලපන්නට වදනක් සියුමැලි නුඹට
දුටුවත් නුඹේ ඔය දෙනෙත්,
යුද්දයේ බියකරු බව,
ඇසුවත් නුඹෙ ඔය සවන්,
යුද්දයේ රළු බව,පුන්චි ඔය සිත නොහඳුනන්න ඇති,
බියකරු බව මේ තරමට....
නොදැනුනා නොවෙයි
නුඹ විඳි ඒ අපමණ වේදනාව,,,,
සමාවෙන්න පුන්චි රෝස මලේ
නුඹ වෙනුවෙන් මට මේ,
කඳුලු බින්දු විතරක්ම වුනාට....


Tuesday 21 October 2014

නුඹමයි හිමිකාරි මේ ජීවිතයේ...

පියඹා යන්න මේ හිස් අවකාශයේ රැඳෙන්න සොඳුරියේ මා සිත් ආකාශයේ නිමක් නොවූ මේ සන්සාරයේ නුඹමයි හිමිකාරි මේ ජීවිතයේ...
කඳුලින් ගලා පිරී ගිය අතීතේ ඔබ ලඟ ඉන්නවනම් නෑ කඳුලු මේ දෙනෙතේ ඔබ අරන් ගියා මට දුන් ජීවිතේ නිමාවක් නොවේ මේ ස්නේහය හද සන්තානේ...
හද ස්නේහයෙන් විසිරුනු මේ යාමයේ එක්වන්න සිතයි නුඹ හා වසන්තේ හද දොරගුලු ලා ඉන්න කුමරියේ ඔබ සොය මා එන තුරු අනන්තේ...

Friday 4 November 2011

මගේ එලිය නුඹයි ආදර අම්මා....


මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේ
හිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙ
ආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේ
උණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...

දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේ
දුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේ
කුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේ
නුඹ පමණයි එහි අරුමය දැක්කේ...

ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මට
යන්නට මේ මග අත්වැල වූයේ නුඹ මට
හඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹ
යන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.......

Sunday 9 October 2011

හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම.......


සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,
මහමෙරක් මැයි වියලුනු කතරට
දිය පහස සොයා ආ මේ මඟ
නතර වුනා ඔබෙ නෙතු පියන් යට...

මිරිඟු සයුරක නොදුටු දිය බිඳක
සොයා දිය බිඳක් වියලුනු සිතක,
නොවූ නුඹ වියලුනු රලු සයුරක,
ගිම් නිවූ නුඹමයි මේ දිය දහර

ගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යට
හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම
දෑඟිලි බැඳන් අවසරයි හැමදාම
විඳ ගන්න මේ උනුසුම සුසුම් මට......



Tuesday 4 October 2011

මාලතී අහිමි පුන්චි සමනළිය මම.....




බඹරුන් ගෙන ගියා මල් උයන
නොතියාම එක මලක්වත් මට
මාලතී අහිමි පුන්චි සමනළිය මම
ඉකි ගසා බොඳ කලා මල් උයන.....

තලා පෙලා කුමරියන් විගස
රොන් අරන් ගියා උන් හනික
කඳුලු ගෙන නෙත් අගින් සැනින
මල් කුමරියන් හඬුවා බොහොම.....

පුන්චි මල් කුමරියේ තාම
නුඹ ලඟයි මම හැමදාම
යන්න එපා අතැර ආයෙත් දිනෙක
මේ සෙනෙහස නිමියි නුඹ නැති දාක........

Thursday 15 September 2011

නුඹටයි මේ ආරධනා.........


සොඳුරු වස්සානය ඇවිදින්
ඉරි තැලුණු සිත් මලෙට
කරයි නෙතු අගින් ආරධනා...
සුරම්‍ය ආරධනා...

ගෙවුනු කඳුලැලි,
නැඟුනු හසරැලි,
කරයි නුඹ සිතට,
ප්‍රේම ආරධනා..

ගගන පුරා සරන්නට
වාරු දුන් පියාපතට..
ආල හිතක් පුරන්නට,
නුඹටයි මේ ආරධනා.........





Tuesday 16 August 2011

නුඹ යන්න මේ කඳුලු මටම දී.....


සුවහසක් නෙතු මතම ඇඳී
සෙව් ඔබ මතක දසුන් රැඳි රැඳී
කප් සුවහසක් කල් ගෙවී පහන් වී
බැඳුනු සිත ඔබ රූ චායාව වෙතම බැඳී....

හැරයන්න හේතු නුඹ මා හටම දුනී
ගෙවී යන්න මේ කඳුලැල් බිඳි බිඳී
නෙතු අගින් තව එක් වරක් සිනා සී,
රැගෙන යන්න මතක සැමරුම් සුවඳ මට දී.....

එන්න එපා නුඹ මගෙ නෙතු තුලට සැලී
මේ හිත තහනම් නුඹට යළි යළී
සිනාසෙන්න එක් වරක් මතක මානයට වී
නුඹ යන්න මේ කඳුලු මටම දී.....