නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....
හඬන නෙතු අසල ඉඳ
කවි කරපන් නුඹ මගේ සිත
සහසක් පැතුම් මිලිනව
හැකිද ඉන්නට නොවූ විලසට
පෙර දිනක නුඹ මගේ දෑත ගෙන
සක්මන් කල ඒ මග තොට අඳින
පෙරුමන් පිරූ කඳුලක් විකසිතව
නෙත් අගින් ගිලිහුනා අසරනව
අත්වාරු ඇත පෙර විලසම
සිත් වාරු නැත අහිමි වූ කල නුඹ
සහසක් කවිකම් කල මගේ සිත
නුඹ නැති දා කවිකම් මට බෝ දුර.....
ඒත් නුඹ නැති දා
ReplyDeleteකවියටම පෙම් කරමි
කවියකින් වත්
නුඹ මගෙ කියා..
:'(
ReplyDelete