මගේ එලිය නුඹයි ආදර අම්මා....
මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේ
හිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙ
ආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේ
උණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ...
දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේ
දුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේ
කුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේ
නුඹ පමණයි එහි අරුමය දැක්කේ...
ජීවිතේ කියා දී ජීවිතේ දුන්නේ නුඹ මට
යන්නට මේ මග අත්වැල වූයේ නුඹ මට
හඬනා දා ලොවක් හැඬ වූ සෙනෙහෙ නුඹ
යන්නට නුඹට කලින් මට වරයක් දුන මැන.......
www.cinelanka.net
ReplyDeleteloveth ne
ReplyDeleteහරිම සංවේදියි
ReplyDeleteමේ පින්තූරෙ නම් අනේ මන්ද...
කියන්න දෙයක් නෑ නෙවෙයි. මොනව කිව්වත් මදි වගේ.
අදයි දැක්කෙ බ්ලොග් එක
හැමදෙනාටම බොහොම ස්තූති
ReplyDeleteබොහොම කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ ආවේ.
ආයෙමත් ලියන්න කියලා මගේ හිත බල කරනවා....
පුලු පුලුවන් විදිහට අපි මුන ගැහෙමු....