අතොරක් නැති ජීවිත ප්රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුත් එක්ක ආයෙමත් ජීවිතේ යදින්න, මං ආයෙමත් සංක්රන්ති කාලයක් ගෙවනවා.
නොඉවසිල්ලකින් ජීවිතේ ගලාගෙන යනකොට ඊට අනුගත වෙලා ජීවිතේ විඳින්න ආයෙමත් මං ලෑස්ති වෙලා, ඒත් මේක විඳීමද විඳවීමද කියන්න නම් තවත් කාලයක් ගත වෙලා යාවී.
හැමදේකින්ම ඔත්පල වෙන දවසට ගෙනියන්න තියා හිත සනසගන්නවත් එකතු කරපු දෙයක් ජීවිතේ නෑ.
දුප්පතෙක් වගේ ඉපදුනාට දුප්පතෙක් වගේ මිය යන්න අපිට අයිතියක් නෑ කියල ඇහුවට කොහොමද ඒ වචන වලට පණ දෙන්නේ කියලා නිනව්වක් තවම නෑ.
අහිංසක මිනිස්සුන්ගේ කඳුලට සුසුමට සංවේදී වෙන්න තර්ජනය කරලා උගන්නපු ඔය හිත් කඳුලකට සංවේදී නොවන තරමටම වල් වැදිල කියලා, නොකියා හිටියට අපි හැමොම දන්නවා.
මේ දෙවල් වාචික අදහස් විදිහට එළි දක්වන්න විදිහක් නොවුනට උගන්නවපු දහසක් දෙනාගෙ ඇස් ඒවට උත්තර දේවී.
මනුස්සයෙක්ගෙ මූණ බලලා ආත්මයම කියවන්න හදපු කීප දෙනෙක් එක්ක ගිය මේ ගමන හරිම දුශ්කරයි, නැවතීමක් වුණා කියලා හිත සනස ගන්න හැදුවම විතරයි, ඒත් ඒ නිමේශයටවත් ඉඩක් නොතියා ආයෙමත් සුපුරුදු ජීවිතෙත් එක්ක පොර බදන්න වෙලා, අකමැතෙන් නෙමෙයි නොහැකියාව එක්ක තර්ක කරන්න අකමැත්තෙන්,
සෙනෙහසින් ළං වෙලා උන්නු මිනිස්සු නොකියම ජීවිතෙන් පළා යනකොට ජීවිතේට දැනෙන්නෙ පුදුම තනිකමක් , ඒ තනිකම මග හරින්න පුලුවන් හොඳම දේ තමයි සිතට දැනෙන දේ ඔහේ ගලායන්න ඉඩ දෙන එක.
අවබෝදයෙන් යතාර්තය සොයන්න පුන්චි ඉඩක් හොයන ගමන් මේ...
හිත හැමවෙලේම රිදෙනවා තමයි. ඒ වෙලාවට දුක හිතෙනවා. ඒත් ඒ හැමදේම එක්ක අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. එහෙම නොවුනොත් අපිට ජීවිතේ ගැන ඒ තරම් දෙයක් දැනෙන් නැති වෙයි. මං වැරදිද මන්දා? ඒත් ඔයාගෙ පෝස්ට් එකෙන් මගෙ හිතටත් සහනයක් දැනුනා. මොකද මාත් මනුස්සකම් වල ප්‍රශ්න නිසා ගොඩක් හිත රිදිලා ඉන්නේ. ඇත්තටම ජීවිතේට ගලා යන්න ඇරලා තමයි හිත හදා ගන්න වෙන්නේ.
ReplyDeleteදන්නවාද කැමීලියා,
ReplyDeleteඅවුරුදු 24 ක් තිස්සෙම දන්න දවසෙ ඉඳලම මං හෙව්වේ මිනිස්සුන්ගේ හිත් වල තෙතමනය,
කවමදාවකවත්ම බැරි උනා මනුස්සයෙක්ව තේරුම් ගන්න... එතකොට නම් හිතුවේ මං තාම පුන්චි වැඩිදෝ කියලා.....
ඒත් දැන් මං දන්නවා මිනිස්සුන්ගේ හිත් පුන්චි වැඩී කියලා....
මායාකාර ලෝකේ ආදරය හොයන එකත් විහිලුවක්, කාලයත් එක්ක තර්ක කරලා මට ඕනේ වුනේ නෑ කිසාවක් වෙන්න...
ඒත් මං දන්නවා හිත් වල ආදරේ පුරෝ ගත්තු මිනිස්සුත් ඉන්නවා කියලා...
අපි ඒ දවස එනකන් බලන් ඉමු කැමීලියා මලේ
මායාකාර ලෝකෙ දයාව, ආදරය, කරුණාව පැවතුනත් ඒක මතු කර ගන්න හරි අමාරුයි. ඒ නිසා හැමෝම ඒ දේවල් හිතේ යට කර ගෙන මායාවටම නතු වෙනවා. ඇත්තටම මිනිස්සුන්ගේ හිත් පුංචි වැඩියි තමයි. ඒත් ඒ අයගෙන් ලැබෙන මනුස්සකමට වඩා දෙයක් ලෝකෙට දෙන්න මං තාමත් උත්සහ කරනවා. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනන්න උත්සහ කරනවා. මිනිස්සුන්ගේ විවිධාකාර විවේචන මැද්දේ තාමත් මං පැරදුනේ නෑ. සමහර විට යම් දවසක මටත් පරදින්න වෙයි. ඒ අන්තිම තප්පරේ වෙනකම් මං ඉදිරියට යනවා. ඔයාලා වගේ මිනිස්සුත් ඉන්නවා කියලා දන්න නිසා මට බය නෑ. මං මේ ජීවිතේ ගොඩක් ආදරේ කරන කීප දෙනෙක් මට කියලා තියෙනවා තමන් කරන දේ හරි කියලා තමන්ගේ හිත කියනවා නම් කවුරු මොනවා කිව්වත් විශ්වාසයෙන් යුතුව ඒ දේ කරන්න, ඒ දේ හරි, තමන්ගේ හෘද සාක්ෂිය තමයි වැදගත් කියලා. ඒක ගලේ කොටපු අකුරක් වගේ මගේ හිතේ තියනවා. මං ඔයාටත් කියන්නේ ඒකමයි. යම් දවසක වසන්තය එනවා සත්තයි...
ReplyDelete